ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
නොවැම්බර් 01 දා සිට TIN සහතිකය නැතිව කරන්න බැරි වැඩ මොනවා ද?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ, '2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්ය බව ය.
හිසකෙස් වැටීම නැවැත්විය හැකි ද? විද්‍යාඥයන්ගෙන් නව බලාපොරොත්තුවක්
හිසකෙස් වැටීම සඳහා නව ප්‍රතිකාර ක්‍රම වෙත විද්‍යාඥයන් තවත් සමීප වෙමින් සිටින පසුබිමක, එවැනි සොයාගැනීම් කාන්තාවන්ට කුමන බලපෑමක් ඇති කළ හැකිදැයි වික්ටෝරියා ඩර්බිෂයර් සොයා බලයි.
'නිදාගෙන සිටිද්දී මගේ සහකරු මාව දූෂණය කරනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ'
ඇඩෙල් ඔවර්ටන්ගේ 13 වසරක පෙම්වතා වූ ස්ටීවන් ඌඩ්න්, යහපත් සහකරුවෙකු ලෙස පෙනී සිටියේ ය. ඔවුන් හමුවී තිබුණේ, සොම්බි චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර ය. ඔවුන් බොහෝ දේ සම්බන්ධයෙන් සමාන අදහස් දැරූ දෙදෙනෙකු වූ අතර, ඌඩ්න් කරුණාවන්ත සහ ආදරණීය කෙනෙකු බවත්, තමන් ආබාධිත තත්ත්වයට පත්වූ පසු තමා රැකබලා ගැනීම සඳහා ඔහු රැකියාව ද අත්හැර දැමූ බවත් ඇය පවසයි. "ඔහු අපූරු කෙනෙක්. මම ඔහුට ගොඩක් ආදරය කළා. මම තවමත් ටිකක් එහෙම කරනවා කියලා හිතනවා," ඩර්බිහි තම නිවසේ සෝෆාවක වාඩි වී සිටින ඔවර්ටන් පවසයි.
සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවූ දේ
අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා තවදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එහි මූලික කරුණු සලකා බැලීමෙන් පසු එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය කල් තබා ඇති බවත් ය.
වැසි අඩු වන්නේ කවදා ද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන් ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?
යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය. පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ
“ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”
එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට ඇප ඉල්ලීමේදී ඉදිරිපත් වූ කරුණු
SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 18) නියම කළේ ය.
දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?
දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි. තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.
වීසා නීති දැඩි කිරීම ගැන ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් බීබීසීයට කතා කරයි: 'ඉස්සරහට එන්න ඉන්න ළමයින්ට එන්න එපා කියන්න තමා හිතෙන්නේ'
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සිසුන්, 'වීසා හොපර්ස්' (නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටීමට වීසා මාරු කරන්නන්) සහ බැක්පැකර්වරුන් ඉලක්ක කර ගනිමින් බ්‍රහස්පතින්දා දිනයේදී වඩාත් දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී.