බ්‍රැම්ටන්
බ්‍රැම්ටන් | |
---|---|
නගරය | |
අපනාමය(න්): මල් නගරය (පෙරදී මල් පුරය[1]) | |
ඔන්ටේරියෝ පළාතේ, පීල් ප්‍රදේශයේ මෙම නගරයෙහි පිහිටුම | |
රට | කැනඩාව |
පළාත | ඔන්ටේරියෝ |
ප්‍රදේශය | පීල් ප්‍රදේශය |
සංස්ථාපනය | 1853 (ගම) |
1873 (පුරවරය) | |
1974 (නගරය) | |
ආණ්ඩුව / පරිපාලනය | |
• පුරපති | සූසන් ෆෙනල් |
• පාලක මණ්ඩලය | බ්‍රැම්ටන් නගර සභාව (මන්ත්‍රීවරුන් සඳහා ක්ලික් කරන්න) |
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් | පාම ලැයිස්තුව |
• පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් | පපාම ලැයිස්තුව |
සරිය[2] | |
• භූමිය | 266.71 කිමී2 (102.98 සතරැස් සැත) |
උන්නතාංශය | 218 මී (715 අඩි) |
ජනගහණය(2011)[3] | |
• මුළු | 523,911 (9වන අනුස්ථිතිය) |
• ඝණත්වය | 1,964.35/කිමී2 (5,087.6/වර්ග සැත) |
වේලා කලාප | EST (UTC−5) |
• ගිම්හානය (DST) | EDT (UTC−4) |
ඉදිරි තේරීම් පෙදෙස | L6P-L7A |
දුරකථන කේතය(න්) | 905/289 |
වෙබ් අඩවිය | www.brampton.ca |
බ්‍රැම්ටන් යනු කැනඩාවේ ඔන්ටේරියෝහී, මහා ටොරොන්ටෝ ප්‍රදේශයේ (GTA) තුන්වන-විශාලතම නගරය හා පීල් ප්‍රදේශයෙහි මන්ත්‍රී ආසනයයි. 2011 ජන සංගණනය අනුව, බ්‍රැම්ටන්හී ජනගහණය 523,911 වූ අතර,[4] ඒ අනුව එය කැනඩාවේ නවවන විශාලතම නගරය බවට සැලකෙයි. මධ්‍යනය වයස අගයය 33.7 හී පැවතීම නිසා, මහා ටොරන්ටෝ ප්‍රදේශයේ ලාබාලම ප්‍රජාව මෙහි දිවි ගෙවති. කැනඩාවේ විශාලතම දකණු ආසියාතිකයන් සමූහනය බ්‍රැම්ටන්හී දක්නට ලැබෙන අතර එය බ්‍රැම්ටන්හී ජනගහණයෙන් 31.7% වෙයි.[5]
ගම්මානයක් වශයෙන් බ්‍රැම්ටන් සංස්ථාපනය කෙරුණේ 1853දී වන අතර, එහිදී එංගලන්තයෙහි කම්බ්‍රියාහී, ග්‍රාමීය නගරයක් වන බ්‍රැම්ටන් වෙතින් එහි නම උපුටා ගන්නා ලදි. පෙර කලෙක කැනඩාවේ මල් නගරය ලෙසින් බ්‍රැම්ටන් හැඳින්වුනු අතර, මෙම අභිධානය එය විසින් උපයා ගන්නා ලද්දේ නගරයේ විශාල හරිතාගාර කර්මාන්තය නිසාය. අඩසිය වසකට කිට්ටු කාලයක් බොහෝ ජාත්‍යන්තර රෝස ත්‍යාග දිනූ සමාගමක් වන ඩේල්ස් ෆ්ලවර්ස් ද මෙයට දායක වී ඇත. වර්තමානයෙහි, නගරයෙහි ප්‍රධාන ආර්ථීක අංශ අතර ප්‍රගත නිෂ්පාදනය, සිල්ලර පරිපාලනය සහ කාර්ය සම්පාදනය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, ආහාර සහ පානීය බීම, ජීව විද්‍යාවන් සහ ව්‍යාපාර සේවාවන් වෙති.
සටහන්
[සංස්කරණය]- ^ රේබර්න්, ඇලන් (2001). නේමිං කැනඩා: ස්ටෝරීස් අබවුට් කැනේඩියන් ප්ලේස් නේම්ස්. ටොරොන්ටෝ: ටොරොන්ටෝ විශ්ව විද්‍යාල මුද්‍රණාලය. p. 45. ISBN 978-0-8020-8293-0.
- ^ Statistics Canada: 2012
- ^ Statistics Canada: 2012
- ^ Statistics Canada: 2012
- ^ සංරක්ෂිත පිටපත, http://www.brampton.ca/en/Business/edo/business-knowledge/Pages/Brampton-At-a-Glance.aspx, ප්‍රතිෂ්ඨාපනය 2012-08-29